නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්, යුක්රේනය සමග සටන් විරාමයකට අත්සන් තබනලද බව බෙලරුස් රාජ්‍යය නිවේදනය කරයි.
එම සටන් විරාමය ඊයේ (05දා) සන්ධ්‍යාවේ පටන් බල පැවැත්වෙනු ඇති බව බෙලරුස් සිට ලැබෙන වාර්තාවල දැක්වෙයි.
නේටෝ රාජ්‍ය නායක සමුළුවට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ යුක්රේන් ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ මෙම සටන් විරාමය මූලික එකඟතාවයක් බව පවසා සිටියේය.
OSCE යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය පිළිබඳ සංවිධානයද සටන් විරාමය තහවුරු කළ අතර, යුක්රේන් නිලධාරීන් සහ කැරලිකරුවන් අතර බෙලරුස් හි පැවැත්වුණු සාකච්ඡාවල මුලසුන එම සංවිධානය විසින් දරණ ලදී.
කෙසේ වෙතත්, මෙම සටන් විරාම ගිවිසුම පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබියදීත් නැගෙනහිර යුක්රේනයේ ඇතැම් ප්‍රදේශවල ගැටුම් පැවති බව වාර්තා වුණි.