රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වුණා - නේටෝ


රුසියානු හමුදා රථ හා රුසියානු හමුදාව දේශසීමා පනිමින් යුක්රේනය වෙත ඇතුළු වන ආකාරය තමන් නිරීක්ෂණය කළ බව නේටෝ සංවිධානය පවසයි.

"රුසියානු යුධ ටැංකි, රුසියානු කාලතුවක්කු, රුසියනු ගුවන් ආරක්ෂණ පද්ධති සහ රුසියානු හමුදා සෙබළු යුක්රේනයට ඇතුළු වුණා" යැයි පවසන්නේ නේටෝ සංවිධානයට අනුබද්ධ ඇමෙරිකානු ජෙනරාල් ෆිලිප් බ්‍රීඩ්ලව් ය.

කෙසේ වෙතත් නැගෙනහිර යුක්රේනය වෙත තම හමුදා ඇතුළු වූයේ යැයි කියන පුවත රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබේ.

 



Recommended Articles