රුසියානු හමුදා දේශසීමා පැන්නේ අත්වැරැද්දෙන්ලු


දේශසීමා හරහා නැගෙනහිර යුක්රේනය දෙසට ඇතුළු වී ඇති රුසියානු සොල්දාදුවන් වැරදීමකින් එසේ ඇතුළු වී ඇති බව රුසියාව පවසයි.

කෙසේ වෙතත්, යුක්රේනය පවසන්නේ මෙසේ අනවසරයෙන් දේශසීමා සංක්‍රමණය කළ සොල්දාදුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යුක්රේන හා රුසියානු නායකයන් බෙලරූස් හි සාකච්ඡා පවත්වන වාතාවරණයක මෙම සිදුවීම සිදුව තිබේ.

මාස කිහිපයක් පුරා ඇතිවී තිබෙන යුක්රේන ගැටුම් හේතුවෙන් මේ වනවිට මිනිස් ජීවිත 2,000ක් පමණ අහිමිව තිබේ.

රුසියානු හිතවාදී කැරලිකරුවන් බලය පතුරුවා ඇති ඩොනට්ස්ක් හා ලුහාන්ක්ස් පළාත්වල මාස කිහිපයක් දරුණු ගැටුම් පැවති අතර, ඉන් සිදුව ඇති ජීවිත හානි 2,000 ඉක්මවයි.



Recommended Articles