උතුරු මුහුදේ බ්‍රිතාන්‍ය මුහුදු කලාපයට ආසන්නව ගමන් කළ රුසියාවට අයත් යුද නෞකාවක් පසුගමන් යෑමට බ්‍රිතාන්‍ය යුද නෞකාවක් නත්තල් දිනයේදී කටයුතු කර තිබේ.
රුසියාවට අයත් අද්මිරාල් ගොර්ෂ්කෝව්ස් යුද නෞකාව ගැන විමසිල්ලෙන් මෙසේ පසුගමන් සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයට අයත් එස්.එම්.එස්. සෙන්ට් ඇල්බාන්ස් යුද නෞකාවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රුසියාව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමක්ද සිදුකර නොමැති බව විදෙස් වාර්තා පවසයි.
මෑත කාලයේදී බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට ආසන්නයෙන් ගමන් කළ රුසියානු යුද නෞකා පිළිබඳ විමසිලිමත් වීමට රාජකීය නාවික හමුදාව කටයුතු කළ බව ඔවුහු නිවේදනය කරති.
විශේෂයෙන්ම මෙම මුහුදු කලාපයේ පවතින අන්තර්ජාල කේබල් පද්ධතිවලට හානියක් සිදුවිය හැකි බවටද අනතුරු අඟවන රාජකීය නාවික හමුදාව පෙන්වා දෙන්නේ, යම් ලෙසකින් රුසියානු නෞකා හේතුවෙන් එවැන්නක් සිදුවුවහොත් එය කලාපයේ ආර්ථිකයට බලවත් හානි ගෙනදෙන්නක් විය හැකි බවයි.
කලාපයේ රටවල් යා කරමින් අන්තර්ජාල කේබල් පද්ධතියක් උතුරු මුහුදු පතුලෙහි එළා තිබේ.