රුසියානු යානා අනතුරින් ISIS ප්‍රචාරණ වාසි ලබනවා - ඊජිප්තු ජනපති


පුද්ගලයන් 224ක් සමග ඊජිප්තුවේදී අනතුරට පත් ගුවන් යානය පුපුරුවා හැරි බවට IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් කරන ප්‍රකාශය ඔවුන්ගේ ප්‍රචාරණ වැඩපිළිවෙළක් බව ඊජිප්තු ජනාධිපතිවරයා පවසයි.

ඊජිප්තු ජනාධිපති අබුදුල් ෆටාහ් අල්-සිසී බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ අනතුරට හේතුව නිවැරදිව අනාවරණය කරගැනීමට තවම ඉක්මන් වැඩි බවයි.

එයාර්බස් 321 යානය ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේදී පුපුරාගොස් බිමට පතිත වූ බවට මේ වනවිට තොරතුරු පවතී.

මේ අතර, ගුවන් යානා සමාගමද පවසා සිටියේ මෙම ප්‍රහාරය පිටස්තර බලවේගයක් විය හැකි බවයි.

නමුත්, රුසියානු විශේෂඥයන් පවසා සිටියේ එය සනාථ කිරීමට තරම් දත්ත තවමත් ලැබී නොමැති බවයි.

එහිදී, සිසී පවසන්නේ මෙම ගුවන් ප්‍රහාරයට ඉස්ලාම් රාජ්‍ය සම්බන්ධ යැයි ප්‍රචාරය කිරීමෙන් ඊජිප්තුව අස්ථාවර හා අනාරක්ෂිත රටක් බවට ඔවුන් හඟවන බවයි. නමුත්, මෙම අනතුර සිදුවූ සිනායි අර්ධද්වීපය පවා සම්පූර්ණයෙන්ම පාහේ තම පාලනයේ පවතින ප්‍රදේශයක් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.



Recommended Articles