රුසියානු මගී ප්‍රවාහන ගුවන් යානයක් සිරියාවේදී කඩා වැටීමෙන් පුද්ගලයන් 39ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇන්ටනෝව් 26 වර්ගයේ ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී හෙමෙයිමිම් ගුවන් හමුකා කඳවුරේදී මෙම අනතුරට මුහුණ පා ඇත.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි සිටි සියලු හමුදා සාමාජිකයන් ජීවිතක්ෂයට පතව ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
යානය වෙඩි වැදීමකින් කඩා වැටී නොමැති බවත්, අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් බව විශ්ාවාස කරන බවත් සිරියානු මෙන්ම රුසියානු බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, මෙම අනතුර සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් සිදුවෙයි.