ආයුධ සන්නද්ධව රුසියාවේ මොස්කව් නුවර පාසලකට ඇතුළු වූ සිසුවෙකු, වැඩිහිටියන් දෙදෙනෙකුට වෙඩිතබා මරා දමමින්, පාසලේ සිසුන් 20 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පුවතක් එරටින් වාර්තා විය. කෙසේ වෙතත් මෙම පුද්ගලයා අවසානයේ අත්අඩංගුවට ගැනීමට රුසියානු පොලීසියට හැකිවී තිබේ.
පොලීසිය පෙන්වා දෙන පරිදි මෙම සිසුවා අත්අඩංගුවට පත්වීමට පෙර පොලිස් නිලධාරියෙකු හා ගුරුවරයෙකු මරා දමා තිබේ. තවත් පොලිස් නිලධාරියෙකු සිද්ධියේදී තුවාල ලබා ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත් මෙම සිසුවාගේ පියා පාසලට ගෙන්වීමෙන් පසුව අත්අඩංගුවේ පසුවූ සෙසු සිසුන් 20 දෙනා මුදාහැරීමට මොහු කටයුතු කර ඇති බව පැවසෙයි.
මෙය මහා අපරාධයක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසා ඇත. මේ අතර, පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මොස්කව් නගරාධිපතිවරයා නැවත වරක් සලකා බැලීමට අණකර ඇති බවද කියැවෙයි.
මේ ආකාරයේ වෙඩි තැබීම්වලට මීට පෙර ඇමෙරිකාව වඩාත් ප්‍රචලිතව තිබූ අතර, දැන් රුසියාවටද ඒ ආභාෂය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.