රුසියානු ප්‍රහාරක ගුවන් යානා පසුගිය දින දෙකක කාලය තුළ යුරෝපීය ගුවන් කලාපය තුළ අසාමාන්‍ය හැසිරීමක් සිදුකළ බව නේටෝ සංවිධානය පවසයි.
ප්‍රකාශයක් නිකුත් කරන නේටෝ සංවිධානය පෙන්වා දෙන්නේ කණ්ඩායම් හතරකට අයත් ප්‍රහාරක යානා මෙසේ යුරෝපා ගුවන් කලාපය වෙත ඇතුළු වී තිබූ බවයි.
ඒ අතර, ටී.යූ.-95 බෙයා බොමර්ස් සහ මිග්-31 යන ප්‍රහාරක යානා පැවති බව නේටෝ සංවිධානය පවසයි.
කෙසේ වෙතත්, නේටෝ සංවිධානයට අයත් නෝර්වේ, බ්‍රිතාන්‍ය, පෘතුගාල, ජර්මනි සහ තුර්කි ප්‍රහාරක යානා මෙම රුසියානු යානා පසුපස ලුහුබඳිමින් එම යානා නිරීක්ෂණය කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
යුක්රේන අර්බුදය මූලික කරගනිමින් නේටෝ සංවිධානය හා රුසියාව අතර මැතකදී යම් මත්භේදකාරී වාතාවරණයක් හටගෙන තිබේ.
රුසියාව විසින් යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කරගැනීම හා නැගෙනහිර යුක්රේනය තුළ ක්‍රියාත්මක කැරලිකරුවන්ට ආධාර සැපයීම සම්බන්ධයෙන් ඇමෙරිකාව හා යුරෝපීය රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමක්ද සිදු කළේය.