රුසියානු නිවේදිකාවගේ ගෙලට පිහි ප්‍රහාරයක්


රුසියාවේ ප්‍රමුඛතම ගුවන්විදුලි නිවේදිකාවකට ඇගේ සේවා ස්ථානය තුළදී ගෙලට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එකෝ මොස්කෝවි ගුවන්විදුලියේ නිවේදිකාවක වන ටට්යානා ෆෙල්ජෙන්ජර් මේ වනවිට රෝහල්ගතව හදිසි ප්‍රතිකාර ලබන අතර, ඇය කෝමා තත්ත්වයක පසුවන බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු ප්‍රහාරය සිදුකළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, මෙය පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමක් ලෙසද විශ්වාස කෙරෙයි.

එකෝ මොස්කෝවි ගුවන්විදුලිය බොහෝවිට වඩාත් විවේචනාත්මක ස්වරූපයකින් සිය අදහස් ප්‍රකාශ කරන මාධ්‍ය ආයතනයක් ලෙසද සැලකෙයි.

1_Russian2



Recommended Articles