රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරමින් තවත් ධුර කාලයක් බලයේ රැඳී සිටීමට සූදානම් බව ප්‍රකාශයට පත්කර තිබේ.
රුසියාවේ වොල්ගා නගරයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් අමතමින් ඔහු සිදුකළ අදහස් දැක්වීමකදී මෙම ප්‍රකාශය පූටින් විසින් සිදුකර තිබේ.
"රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිධුරය සඳහා වූ මගේ අපේක්ෂකත්වය ඉදිරියටත් ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා" යැයි එහිදී පූටින් පවසා ඇත.
2000 වසරේ සිට බලයේ සිටින පූටින්, වරෙක එරට ජනාධිපතිවරයා ලෙස මෙන්ම තවත් වරෙක එරට අගමැතිවරයා ලෙසද කටයුතු කළේය.
ඒ අනුව, එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයෙන් පූටින් ජයග්‍රහණය ලැබුවහොත් 2024 දක්වා බලයේ රැඳී සිටීමේ හැකියාව ඔහු සතු වෙයි.
මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම, දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම මැතිවරණයෙන් ඉතා පහසු ජයග්‍රහණයක් ලැබීමට පූටින්ට හැකි බවයි.
බොහෝ රුසියානුවන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් වන පූටින් ලෝකයේ වඩාත් බලගතුම නායකයෙකු ලෙසද පිළිගැනීමට ලක්ව සිටී.