රුසියානු ගුවන් ප්‍රහාර හමුවේ ඇලෙප්පෝ වැසියෝ දුවති


සිරියාවේ ඇලෙප්පෝ නගරය කේන්ද්‍ර කරගනිමින් රුසියානු ගුවන් යානා විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාරයත් සමග සිරියානු වැසියන් ආරක්ෂාව පතා තුර්කි දේශසීමා කරා ඇදෙමින් පවතින බව කියයි.

බෂර් අල් අසාද් හිතවාදී රුසියාව විසින් මෙම නගරයේ බලය සිරියානු රජයේ පාලනයට නතුකර ගැනීම සඳහා මෙම ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

මෙවැනි දැවැන්ත ප්‍රහාර මාලාවක් හමුවේ නගරයේ බලය රජයේ හමුදා වෙත නතුරවීම ඉක්මණින්ම සිදුවනු ඇති බවද එම වාර්තා පවසයි.

වසර පහක සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 250,000කට අධිකය. එමෙන්ම, මිලියන 11ක ජනතාවට උන්හිටි තැන් අහිමි වී තිබේ.

තුර්කි දේශසීමාවේ බාබ් අල්-සලාම් මුර කපොල්ල අසලට දහස් ගණින් සිරියානු වැසියන් පැමිණෙමින් තමන්ට, තුර්කියේ රැකවරණය ලැබෙන තුරු බලාසිටින බව පැවසෙයි.

තුර්කි අගමැතිවරයාට අනුව මේ වනවිට 15,000කට ආසන්න පිරිසක් තුර්කියේ රැකවරණය පතා පැමිණ තිබේ.



Recommended Articles