රුසියානු ක්‍රෑස් මිසයිල ඉරානයට පතිත වූ බව ඇමෙරිකාව කියයි


කැස්පියන් මුහුදේ සිට සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය ඉලක්ක වෙත එල්ල කළ රුසියානු ක්‍රෑස් මිසයිල 4ක් ඉරානය වෙත පතිත වී ඇති බව නම සඳහන් නොකළ ඇමෙරිකානු නිලධාරියෙකු පවසා සිටි බව බී.බී.සී.ය කියයි.

කෙසේ වෙතත්, මෙම මිසයිල පතිත වීමෙන් කිසියම් හානියක් සිදුවීද යන්න පැහැදිලි නොමැති බවද ඔහු කියා තිබේ.

පසුගිය බදාදා රුසියාව කියා සිටියේ ඔවුන් වයඹදිග සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ඉලක්ක 11ක් වෙත ක්‍රෑස් මිසයිල ප්‍රහාර 26ක් එල්ල කළ බවයි.



Recommended Articles