රුවන්ඩා දේවස්ථානයකට අකුණු සැර වැදී 16ක් මරුට


රුවන්ඩාවේ සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස් දේවස්ථානයක් වෙත එල්ල වූ අකුණු සැරයකින් එහි යාඥා කරමින් සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

එරට දකුණුදිග දිස්ත්‍රික්කයක් වන නයාරුගුරු හි දේවස්ථානය වෙත එල්ල වූ මෙම අකුණු සැරයත් සමග මියගිය බොහෝ දෙනෙකු එම අවස්ථාවේදීම මියගිය ගොස් ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි.

එමෙන්ම, දෙදෙනෙකු ඔවුන්ගේ ශරීරවල පැවති තුවාල හේතුවෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.

එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වූයේ පුද්ගලයන් 140ක් පමණ ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත කර සිටි බවයි.

රෝහල් ආරංචි මාර්ග පවසා තිබුණේ ප්‍රතිකාර ලබන අයගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

1_church 2



Recommended Articles