රුවන්ඩාවේ මනුෂ්‍ය සංහාරයට වසර 20යි


රුවන්ඩාවේ මහා මනුෂ්‍ය සංහාරය සිදුවී වසර 20ක් ගතවීම නිමිත්තෙන් එරට රජය විසින් පසුගිය සතිය ශෝක කාලයක් ප්‍රකාශය පත් කළේය.

1994 දී රුවන්ඩාවේ සිදු වූ ඒ මහා මනුෂ්‍ය සංහාරයේදී දින 100ක් තුළ ලක්ෂ 8ක පමණ ජනතාවක් අමු අමුවේ මරා දැමුණු බව කියවුණි.

ඒ අනුව, මේ අභාග්‍යසම්පන්න සිදුවීම අනුස්මරණය කරමින්, ඒ වෙනුවෙන් දල්වන ලද ගිනි සිළුවක් මාස තුනක් පුරාවට රුවන්ඩාව වටා ගෙන යාමෙන් අනතුරුව එරට ජනාධිපතිවරයා වෙත භාරදීම සිදුවිය.

අනතුරුව එම පන්දම යොදා ගනිමින් රුවන්ඩා ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් අනුස්මරණ ගිනි සිළුවක් දල්වමින් නැවත මෙවැනි ඛේදනීය ඉරණමක් ඇති නොවීමට තිත තැබීය.

රුවන්ඩාවෙන් වාර්තා වන අන්දමට මෙම අනුස්මරණීය ගිනි සිළුව දින 100ක් පුරා අඛණ්ඩව දැල්වෙනු ඇත.

මේ සුවිශේෂී උත්සවයට ජාත්‍යන්තර නියෝජිතයන් රැසක් සහභාගී වූ නමුත් ප්‍රංශ නියෝජිතයා සහභාගි නොවීම පිළිබඳව කසුකුසුවක් ඇතිවිය.

ඒ අනුව, ප්‍රංශය මේ තීරණය ගන්නා ලද්දේ, එකී මහා මනුෂ්‍ය සංහාරය පිටුපස ප්‍රංශයේ ලේ තැවරුණු දෑත් ඇති බවට රුවන්ඩා ජනාධිපතිවරයා මීට පෙර සිදුකරන ලද ප්‍රකාශයන්ට විරෝධය පෑමක් ලෙස විය හැකිය.

 



Recommended Articles