ඉතාලි රජය විසින් සැලසුම් කොට ඇති රැකියා වෙළෙඳ පොළ ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමින්, දස දහස් ගඛණන් විරෝධතාකරුවන් ඉතාලියේ රෝම අගනුවර දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඉතාලියේ ආයතනවලට සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සඳහා පහසු තත්ත්වයක් ඇති කිරීමත්, රැකියා වෙළෙඳ පොළේ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමටත් වාමාංශික නැරඹුරුවක් ඇති අග්‍රාමාත්‍ය මැට්ටියෝ රෙන්සිට අවශ්‍යව ඇති බව විරෝධතාකරුවෝ පවසති.
ඒ තුළින් රැකියා රක්ෂණය සහ අනෙකුත් දීමනා සේවකයන් විසින් අතිකාල සේවය තුළින් උපයා ගත යුතු වැඩපිළිවෙළක් හඳුන්වා දීමට අගමැතිවරයා සැරසෙන බව ඔවුහු කියති.
ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑමත් සමග ඉතාලියේ තරුණ රැකියා විරහිත භාවය 40% ක් වන අතර රැකියාවල නියුතු පුද්ගලයන් සේවයට බඳවා ගෙන තිබෙන්නේ ද ආයතන වල තාවකාලික කොන්ත්‍රාත්තු යටතේය. මේ නිසා ඔවුන්ට ලැබෙන දීමනා සහ රැකියා රක්ෂණය ඉතා පහත මට්ටමක පවතින බව කියයි.