රාත්‍රීයේදී කාන්තා කොණ්ඩා කපාගෙන යන අවතාරයක්


රාත්‍රී කාලයේදී කාන්තාවන් සිහිසුන් කර, ඔවුන්ගේ කෙස් වැටිය කපාගෙන යන අවතාරයක් පිළිබඳව ඉන්දියාවේ හර්යානා සහ රාජස්තාන් ප්‍රාන්තවලින් වාර්තා වෙයි.

මෙම කොණ්ඩා හොරුන් පිළිබඳ මුල්ම තොරතුර රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර, පසුව එය හර්යානා ප්‍රාන්තය දක්වාද වර්ධනය වී තිබේ.

මෙම සිද්ධියට මුහුණදුන් කාන්තාවක කියා සිටියේ, "මගේ මුහුණට එක්වරම ඇස් නිලංකාර වී යන විදුලි ආලෝකයක් එල්ල වුණා. ඒ සමගම මා සිහි මුර්ජා වුණා. ඉන් පැයකට විතර පසුව යළි සිහිය ලැබී බලන විට මගේ කොණ්ඩය කපාගෙන ගිහිල්ලා. මේ සිදුවීමෙන් මා දැඩි මානසික කම්පනයකට පත්ව සිටිනවා. රාත්‍රී කාලයේදී නින්ද මා වෙත පැමිණෙන්නේ නෑ" යනුවෙනි.

ඇය පවසන ආකාරයට මෙම කොණ්ඩය කපාගැනීමට පැමිණි තැනැත්තා දිලිසෙන ඇඳුමක් හැඳ සිටි මහලු තැනැත්තෙකි. ඒ අවස්ථාවේදී ඇයගේ ලේලිය, මුණුපුරා පවා නිවසේ සිට ඇති අතර, පිටස්තර කිසිවෙකුටවත් නිවසට ඇතුළු වීමට පවා අවස්ථාවක් නොතිබී ඇත.

ඉන් දිනකට පසුව ඇයගේ නිවසට නිවාස කිහිපයක් ඔබ්බෙන් වූ නිවසක කාන්තාවකගේ කොණ්ඩයද මේ අවතාරයට ගොදුරුව තිබුණි. නමුත්, ඇය පවසන ආකාරයට එදා පැමිණ ඇත්තේ වයස අයෙකු නොවේ. ඒ කාන්තා අවතාරයකි.

මේ ආකාරයෙන් ඉන්දීය කාන්තාවන්ගේ කොණ්ඩා කපාගෙන යන සිද්ධීන් රැසක් එම ප්‍රාන්තවලින් වාර්තා වෙමින් පවතින අතර, මේ අභිරහස සොයාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පවා යොදවා ඇත.

කෙසේ වෙතත්, මෙය තවත් එක් මිත්‍යා මතයක් පමණක් පවසන්නෝද සිටින අතර, මේ පසුපස යම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන බව පවසන්නෝද ඉන්දීය සමාජයේ සිටී.

මේ ආකාරයෙන් ඉන්දීය කාන්තාවන්ගේ කොණ්ඩා කපාගෙන යන සිද්ධීන් රැසක් එම ප්‍රාන්තවලින් වාර්තා වෙමින් පවතින අතර, මේ අභිරහස සොයාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පවා යොදවා ඇත.

කෙසේ වෙතත්, මෙය තවත් එක් මිත්‍යා මතයක් පමණක් පවසන්නෝද සිටින අතර, මේ පසුපස යම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන බව පවසන්නෝද ඉන්දීය සමාජයේ සිටී. මේ තත්ත්වය තුළ ඇතැම් කාන්තාවන් තම කොණ්ඩය හොඳින් ගැටගසා ඒ මත කුඩා දේව රූපයක්ද පැළඳ සිටින්නේ දෙවියන් හෝ තම කොණ්ඩය රැකදේවි යන විශ්වාසයෙනි.



Recommended Articles