හිටපු FBI ප්‍රධානියාට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්


FBI රහස් ඔත්තු සේවයේ තොරතුරු රහසිගතව මාධ්‍ය වෙත ලබා නොදෙන්නැයි ජනපති ට්‍රම්ප් සේවයෙන් පහ කළ FBI ප්‍රධානී ජේම්ස් කොමේ වෙත අනතුරු ඇඟවීමක් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර, තමන් අතර පැවති සංවාදවල පටිගත කළ හඬ පට ජේම්ස් කොමේ සතුව නැතැයි විශ්වාස කරන බව සඳහන් කර ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ  ව්‍යාපාරය සහ රුසියානු බලධාරීන් අතර සමීප සම්බන්ධයක් පැවතියේද යන්න පිළිබඳව පැවැත්වෙන FBI විමර්ශනයක් FBI ප්‍රධානියා විමර්ශනය කරමින් පැවතියේ යැයි ඇතැම් විදෙස් වාර්තාවල පැවසුණද, පසුගියදා NBC සමග සංවාදයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් එවැනි කිසිදු විමර්ශනයක ගොදුරක් වී නොසිටි බවයි.

කෙසේ වෙතත්, හිටපු FBI ප්‍රධානියා ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය අඟහරුවාදා සේවයෙන් පහ කළ අතර, එය තමාගේ තනි තීරණයක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.



Recommended Articles