රත්ත්‍රන් තොගයක් පැහැරගත් හමුදා නිලධාරියා අත්අඩංගුවට


දේශසීමා අතර ජාවාරම් කළ රත්ත්‍රන් තොගයක් පැහැර ගන්නා ලෙස සිය පහළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් ඉන්දීය හමුදා නිලධාරියෙකු පොලිස් අත්ඩංගුවට පත්ව තිබේ.

ඊසානදිග ඉන්දියාවේ, මිසෝරාම් ප්‍රාන්තයේදී මෙම මංකොල්ලකෑම සිදුව ඇති අතර, මීට සම්බන්ධ හමුදා නිලධාරියා කර්නල් ජාස්ජිත් සිං ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඉන්දීය රුපියල් මිලියන 140ක් වටිනා රත්ත්‍රන් තොගයක් මෙසේ මංකොල්ලකා ඇති අතර, එය පසුගිය දෙසැම්බර් මාසයේදී මියන්මාරයේ සිට මිසෝරාම් වෙත නීති විරෝධි ලෙස ගෙන එනු ලැබූ රත්ත්‍රන් තොගයක් බවද කියැවෙයි.

මිසෝරාම් ප්‍රාන්තය හා මියන්මාරය ගොඩබිම් දේශසීමාවකින් වෙන්වන අතර, මෙම දේශසීමාවේ රත්ත්‍රන් ජාවාරම සිදුවන බව දැනගත් මෙම හමුදා නිලධාරියා සිය පහළ නිලධාරීන් යොදවා මෙම සොරකම සිදුකර තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් හමුදා සොල්දාදුවන් 8 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.



Recommended Articles