යේමනයේ ආඩේන් ආණ්ඩුකාරවරයා ISIS ට බිලි


යේමනයේ වරාය නගරය වන ආඩේන් හි ආණ්ඩුකාරවරයා ඝාතනය කිරීමේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් බාරගෙන තිබේ.

ආණ්ඩුකාරවරයා ඇතුළු ඔහුගේ සහායකයන් කිහිප දෙනෙකු මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ රථයට ඇටවූ බෝම්බයක් මෙම ජීවිත හානි සිදුකර තිබේ.

ජෆාර් මොහොමඩ් සාඩ් ආණ්ඩුකාරවරයා යේමන් ජනාධිපති මන්සූර් හාඩිගේ සමීපතමයෙකු ලෙස සැලකෙයි.

යේමනයේ සිවිල් ගැටුම් උත්සන්න වීමත් සමග එරට තුළ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීහු හිස ඔසවා තිබේ.



Recommended Articles