ගැටුම් හේතුවෙන් බැටකන යේමනයේ පසුගිය සති 10ක කාලය තුළ කොලරා රෝගීන් ලක්ෂ 3 ඉක්මවා ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.
මේ වනවිට තත්ත්වය පාලනයෙන් තොර බව පවසන එම සංවිධානය අනතුරු අඟවන්නේ සෑම දිනකම අලුතින් කොලරා රෝගීන් 7,000ක් වාර්තා වන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මේ වනවිට කොලරාව ආශ්‍රිතව සිදුවූ මරණ 1,700ක් වාර්තා වෙයි.
පසුගිය වසර දෙකක කාලය තුළ රජයේ හමුදා සහ හොයුතු සටන්කාමීන් අතර පැවති ගැටුම් හේතුවෙන් යේමනයේ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක පද්ධති බිඳ වැටීම කොලරාව වේගයෙන් ව්‍යාප්ත වීමට හේතුව බව පැවසෙයි.