යූටියුබ් මූලස්ථානයට වෙඩි තැබූ සැකකරු නසීම් අග්ඩාම්


ඇමෙරිකාවේ කැලිෆෝනියා  ප්‍රාන්තයේ යූටියුබ් මූලස්ථානය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සැකකරු වයස අවුරුදු 39ක නසීම් අග්ඩාම් ලෙස හඳුනාගෙන තිබේ.

ඇය විසින් එම සමාජ ජාලයට එකතු කළ වීඩියෝ සම්බන්ධයෙන් අදාළ සමාගම ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් කෝපයට පත්ව මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

ඇයගේ වීඩියෝ යම් පෙරීමකට ලක්කර ඇති බවටත්, ඒ නිසා ඉන් ඇයට උපයා ගැනීමට තිබූ මුදල් අඩුවීමත් යන කාරණා මෙම වෙඩි තැබීමේ මූලික කරුණු බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.

අඟහරුවාදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, අවසානයේදී ඇයද තමාට වෙඩි තබාගෙන ජීවිතයෙන් සමුගත්තාය.

කෙසේ වෙතත්, ප්‍රහාරකයා ඔහු වෙඩි තැබූ පුද්ගලයන් හඳුනන්නේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.

1_Youtube2     



Recommended Articles