2015 වසරේදී පැරීසියේ බැටකැලන් නෘත්‍ය ශාලාවේදී ජීවිත 89ක් බිලිගනිමින් එල්ල වූ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ තරුණයෙකු ජිහාඩ් අන්තවාදියෙකු බවට පත්වීමට තාරික් චඩ්ලිඕයි ඉමාම්වරයා අනුබලය හේතුවී ඇති බව කියයි.
බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් හිදී අත්අඩංගුවට පත්වූ 43 හැවිරිදි මෙම ඉමාම්වරයා කුඩා දරුවන් සෙල්ලම් කරන ස්ථාන හා ජල තටාක තුළ සිට යූටියුබ් ජාලයට එකතු කර ඇති ආගමික අන්තවාදය පැතිරූ වීඩියෝවලින් විශාල මුදල් සම්භාරයක් උපයා ඇති බවද අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, ප්‍රති-ත්‍රස්ත පොලීසියේ අත්අඩංගුවට පත් ඔහුට එරෙහිව පවතින චෝදනාවන්ට මුහුණදීම සඳහා ස්පාඤ්ඤය වෙත පිටුවහල් කර තිබේ.
යුරෝපීය ජිහාඩ් ජාලයේ ආගමික නායකයෙකු ලෙස පෙනී සිටිමින් මුස්ලිම් තරුණයන් තුළ ජිහාඩ් අන්තවාදය වැපිරූවෙකු ලෙස ඔහු හඳුනාගෙන ඇති අතර, ඔහුගේ ආභාෂය ලැබූවෙකු බැටකැලන් ප්‍රහාරයේ ත්‍රස්තයෙකි.
ඔහුගේ අගමික ප්‍රචාරක වීඩියෝ සඳහා 16,000ක පමණ අනුගාමිකයන් පිරිසක් සිට ඇති අතර, ඒ ඔස්සේ ඔහු විශාල මුදලක් උපයා ඇත.
ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී බර්මික්හැම් නුවර කුලී නිවසක තම බිරිඳ හා දරුවන් සමග රැඳී සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මෑතකදී සිය අටවැනි දරුවාද ප්‍රසූත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.