ගූගල් සෙවුම් යන්ත්‍රයේ පෞද්ගලික සෙවුම් එහි මතකයෙන් ඉවත් කිරීමේ අවස්ථාව යුරෝපීය අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
යුරෝපා සංගම් අධිකරණය විසින් මෙම මස මුලදී ලබාදුන් අධිකරණ තීන්දුවක් මත ගූගල් සෙවුම් යන්ත්‍රය විසින් මෙම පියවර ගෙන ඇති බව කියැවෙයි.
එම තීන්දුවට අනුව, අදාළ නොවන හෝ කල් ඉකුත්වූ දත්ත පරීශීලකයාගේ ඉල්ලීම පරිදි මකා දැමීමට අවස්ථාව සැලසීමට ගූගල් කටයුතු කරයි.