යුරෝපා සංගමය නැගෙනහිර යුක්රේන අර්බුදය මූලික කරමින් රුසියාව වෙත තවදුරටත් නව සම්බාධක පනවන්නේ නම් ඒ වෙනුවෙන් තමන් ප්‍රතිචාර දක්වන බව රුසියාව අවධාරණය කරයි.
විශේෂයෙන්ම රුසියාවේ තනි පුද්ගලයන් ඉලක්ක කළ සම්බාධක රැසක් එළැඹෙන සඳුදා පැනවීමට නියමිත බව යුරෝපා සංගමය පවසා සිටි අතර, යම් හෙයකින් නැගෙනහිර යුක්රේනයෙන් රුසියානු සෙබළු ඉවත්කර ගැනීම හා වත්මන් සටන් විරාමය තුළ රැඳී සිටීන්නේ නම් එසේ සම්බාධක පැනවීමක් සිදු නොකරන බවද යුරෝපා සංගමය පවසා තිබේ.
මේ අතර, ඊයේ දිනයේදි බෙලරූස් රාජ්‍යයේදී රුසියානු හිතවාදී කැරලිකරුවන් හා යුක්රේනය අතර සටන් විරාමයක් අත්සන් කෙරිණි.
නමුත්, නැගෙනහිර යුක්රේනය තුළ පසුගිය අප්‍රේල් මාසයේ සිට ඇරඹි ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්මේ වනවිට මිනිස් ජීවිත 2,600ක් පමණ අහිමි වී ඇති අතර, යුක්රේනයට අතපෙවීම් සම්බන්ධයෙන් රුසියාව වෙත වැඩි චෝදනා ප්‍රමාණයක් එල්ල වෙයි.