යුරෝපා සංගමයෙන් රුසියාවට තවත් සම්බාධක


රුසියාවට එරෙහි යුරෝපා සංගමයේ සම්බාධක තවදුරටත් ඉහළ දැමීමට එම සංගමය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ යටතේ රුසියානු රජයට අයත් තෙල් සමාගම් කිහිපයක් වෙතම අලුත් සම්බාධක සීමාවන් පනවා ඇති බව පැවසෙයි.

කෙසේ වෙතත්, මෙම සම්බාධක ක්‍රියාත්මක වීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති බව කියැවෙයි.

මේ අතර, රුසියාව පවසා සිටින්නෙ තමන් යුක්රේනය වෙත හමුදා යැවීමක් සිදු නොකළ බවයි.

එමෙන්ම, තමන් වෙත සම්බාධක පනවන්නේ නම් තම ගුවන් කලාපය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා තහනම් කිරීමට කටයුතු කරන බවද මීට පෙර රුසියාව අනතුරු අඟවා තිබුණි.

 



Recommended Articles