රුසියාව විසින් යුක්රේනය වෙත කරන අතපෙවීම දැඩි අවධානයට යොමු කරන බව යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
මේ තත්ත්වය තුළ රුසියාව වෙත නව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සාකච්ඡා කරමින් පවතින බව පැවසෙයි.
මිලාන් නුවර පැවති යුරෝපා සංගම් අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසුව අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත්කර ගන්නා ලෙස ඉල්ලීමක්ද කළේය.
මේ අතර, බ්‍රසල්ස් නුවරදී රැස්වන යුරෝපා සංගම් නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද සූදානමින් පසුවන බව පැවසෙයි.
නමුත්. රුසියාව අවධාරණය කරන්නේ තම හමුදා නැගෙනහිර යුක්රේනයේ යොදවා නැති බවයි.