යුරෝපය සංක්‍රමණිකයන් එපා කියයි


යුරෝපයට තවදුරටත් සංක්‍රමණිකයන් භාරගැනීමේ හැකියාවක් නොමැති බව ප්‍රංශ අගමැති මැනුවෙල් වෝල්ස් පවසයි.

පසුගිය 13 වැනිදා පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග යුරෝපයට ඇතුළුවීමේ දේශසීමා දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, සංක්‍රමණිකයන්ද දැඩි පරීක්ෂාවකට ලක්වෙමින් පවතී.

යුරෝපා කොමිසමේ ප්‍රධානී ජීන් ක්ලවුඩේ ජන්කර් පවසා සිටියේ ෂෙන්ගන් එකඟත්වයන් සම්බන්ධයෙන් මතභේද පවතින බවයි.

එහිදී, යුරෝපා සංගමයේ ඇතැම් රටවල් දැඩිව දේශසීමා ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර, මේ හේතුවෙන් ෂෙන්ගන් පද්ධතිය තුළ නිදහසේ සංක්‍රමණය වීම ඇහිරී ඇති බවද කියැවෙයි.



Recommended Articles