යුරෝපය ඓතිහාසික පරීක්ෂාවකට ලක්වෙලා - ජර්මනු චාන්සලර්


යුරෝපය මුහුණදෙන සංක්‍රමණික අර්බුදය යුරෝපය ඓතිහාසික පරීක්ෂාවකට ලක්කරන්නක් බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් පවසයි.

ඇය නියෝජනය කරන සී.ඩී.යූ. පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගි වෙමින් සංක්‍රමණිකයන් සම්බන්ධ සිය ස්ථාවරය පවසන අවස්ථාවේදී ඇය මෙසේ පැවසුවාය.

එහිදී, චාන්සලර්වරිය කියා සිටියේ ජර්මනිය සිය මානුෂීය කාර්යභාරයේ නැගී සිටි රාජ්‍යයක් බවයි.

කෙසේ වෙතත්, සංක්‍රමණිකයන්ගේ අඛණ්ඩ පැමිණීම සීමා කළ යුතු බවට ඇය අවධාරණය කළේ සිය පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේද අදහස්වලට ගරු කරමිනි.  

ජර්මානු රජය පවසන්නේ 2015 වසර අවසාන වනවිට මිලියනය ඉක්මවන සංක්‍රමණික පිරිසක් ජර්මනියට ඇතුළු විය හැකි බවයි.



Recommended Articles