යුක්රේන හමුදා ප්‍රහාරයෙන් රුසියානු හිතවාදීන් රැසක් නසී


නැගෙනහිර යුක්රේනයේ ස්ලෝවියාන්ස්ක් නගරයේදී යුක්රේන රජයේ හමුදාවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියානු හිතවාදී සටන්කාමීන් රැසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි, එමෙන්ම එහිදී අත්අඩංගුවට පත්වූ පිරිසක්ද සිටින බව එරට අන්තර්වාර ජනපති ඔල්ක්සන්ඩර් ටර්චිනේව් පවසයි.

කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සටන්කාමීන් විසින් අත්පත් කරගෙන සිටි නගරයට එල්ල කරන ලද ප්‍රහාරය සිතූ තරම් වේගයෙන් ගමන් නොකළ බවයි.

මීට පෙර රුසියානු හිතවාදීන් විසින් රුසියානු හිතවාදී සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් යුක්රේන හමුදා හෙලිකොප්ටර් යානා 2ක් කඩා වැටුනු අතර, එහිදී ගුවන් නියමුවෙකු හා සහායකයෙකු ජීවිතක්ෂයට පත්වූහ.

මේ අතර, රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත හදිසි රැස්වීමක් කඳවා ඇති බවද වාර්තා වෙයි.

රුසියාව පෙන්වා දෙන්නේ තම රටේම ජනතාව වෙනුවෙන් යුක්රේනය තම හමුදා යෙදවීම තුළ මහා විනාශයක් ඇතිවිය හැකි බවයි. මේ තත්ත්වය තුළ ආරක්ෂක කවුන්සිලය මීට මැදිහත් විය යුතු බව රුසියාව කියයි.

මේ වනවිට ස්ලෝවියාන්ක්ස් නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන නැතත්, නගරයේ භාගයක් පමණ සිය පාලනයේ පවතින බව මීට පෙර යුක්රේන හමුදාව පවසා සිටියේය.

 



Recommended Articles