යුක්රේන සටන් විරාමය බිඳ වැටෙන ලකුණු


යුක්රේනය හා රුසියානු හිතවාදී කැරලිකරුවන් අතර සටන් විරාමයක් ආරම්භ වී දිනක් ගතවීමෙන් පසු ගිණිකොණදිග යුක්රේනයේ මරියුපොල් නගරයෙන් පිපිරීම් හඬ ඇසුණු බව වාර්තා වෙයි.

එහි සිටින බී.බී.සී. වාර්තාකරු පෙන්වා දී ඇත්තේ නැගෙනහිර යුක්රේන සීමාවෙන් නගරය පුරා මෙම පිපිරීම් හඬවල් ඇසුණු බවයි.

මීට පෙර රුසියානු හා යුක්රේන නායකයන් මෙම සටන් විරාමය පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් කතා කළද මේ වනවිට එහි පැවැත්ම සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් ආරම්භ වී තිබේ.

එමෙන්ම රතු කුරුස සංවිධානයේ වාර්තාවන්ට අනුව කැරලිකරුවන් අත පවතින ලුහාන්ස්ක් පළාතේ ෂෙල් වෙඩි ප්‍රහාර වාර්තා වෙයි.

කැරලිකරුවන් විසින් අවස්ථා කිහිපයකදීම කුපිතකාරී ක්‍රියා සිදු කරනු ලැබූ බව යුක්රේන රජයේ නිලධාරියකු වන අන්ද්රෙයි ලුස්නෙකෝ පවසන අතර, ප්‍රධාන කැරලි නායකයකු වන ව්ලැදිමීර් කොනනොෆ් පවසන්නේ බර අවි ස්ථාපනය කරමින් යුක්රේන හමුදා කාල තුවක්කු ප්‍රහාර එල්ල කරන බවයි.

 



Recommended Articles