යුක්රේනය හා රුසියාව අතර ඇයිහොඳයිය මේ වනවිට හොඳටම පළුදුවී ඇති බවට තවත් අටුවා ටීකා අවශ්‍ය නැති අතර, යුක්රේනයේ පූටීන් අනුරුවට චොක්ලට් සෑදෙන්නේද මේ අනුවය.
රුසියාව තමන් යුක්රේනයට අත නොපාන බව පවසමින්, ක්‍රමයෙන් යුක්රේනය ආක්‍රමණය කරන බවට යුක්රේනය චෝදනා කරයි.
පූටින් අනුරූ ලෙස නිර්මාණය වන චොක්ලට්වලද පූටින් එක් අතක් පපුවට තබාගෙන අනෙක් අත, පසුපස බෝම්බයක් සඟවා ගෙන සිටීමෙන්ම පෙර සඳහන් පූටින් පිළිබඳ යුක්රේනයේ දැක්ම පෙන්වයි.
මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වන අතර, රුසියානු හිතවාදීන් විසින් දිගින් දිගටම ප්‍රහාරය දියත් කරමින් සිටියි.
මේ අතර, හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කෙරුණු උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් පසුව මේ වනවිට කියෙව් අගනුවර තත්ත්වය සාමකාමී වාතාවරණයක් දැකිය හැකි අතර, ඔවුන් පූටින් චොක්ලට් සාදන්නේ ඒ සාමය පූටින් බිඳ දමන බව කියමිනි.