යුක්රේන යානයකට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්


යුක්රේනයේ හමුදා ප්‍රවාහන ගුවන් යානයක් නැගෙනහිර යුක්රේනයේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

රුසියානු හිතවාදීන් සමග සිදුවන සටන්වලදී මේ ආකාරයෙන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

An-26 දරණ ගුවන් යානය පොළෝ මට්ටමින් අඩි 21,325ක් ඉහළදී ප්‍රහාරයට ලක්වීම තුළ දැවැන්ත අධිබල මිසයිලයක් ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බවත්, එය බොහෝ විට රුසියාව දෙසින් එල්ල වන්නට ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාරයට ලක්වූ යානයේ නියමුවන් මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබේ.

රුසියාව මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත.

නමුත්, නේටෝ සංවිධානය පෙන්වා දෙන්නේ රුසියානු හමුදා නැවතත් දේශසීමා ආසන්නයේ කඳවුරු බඳිමින් සිටින බවය.



Recommended Articles