යුක්රේනයේ ගල් අඟුරු ආකරයක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති පිපිරීමකින් පුද්ගලයන් 33 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 33 දෙනෙකු පමණ එහි සිරවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සස්යාඩ්කෝ ආකරයේ සිදුවූ මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයන් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, මීට වසර 8කට පමණ පෙර සිදුවූ පතල් අනතුරකින් පසු සිදුවූ දරුණුතම අනතුර ලෙසද මෙය සැලකෙයි.
මේ වනවිටත් මුදාගැනීමේ කණ්ඩායම් ජීවිත බේරාගැනීමේ සටනක නිරත වන අතර, කුතුහලයෙන් යුතු ඥාතීන් පතල් භූමියේ රැඳී සිටින බවද කියැවෙයි.
කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශයක් හේතුවෙන් මෙම අනතුර සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට අවශ්‍ය පහසුකම් ඔවුන් සතුව පවතින්නේද යන්න ගැන ගැටලු පවතින බවද විදෙස් වාර්තා පවසයි.