යුක්රේන ජනපති තීරණාත්මක ඇමෙරිකානු සංචාරයක


රුසියාව විසින් සිදුකරන යුක්රේන ආක්‍රමණයට එරෙහිව සහාය ලබාගැනීමේ අරමුණින් යුක්රේන ජනාධිපති පේට්‍රෝ පෝරෝෂෙන්කෝ අතිශය තීරණාත්මක ඇමෙරිකානු සංචාරය අරඹා තිබේ.

ඔහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව බී.බී.සී.ය කියයි.

එම සාකච්ඡාවෙන් පසුව ඔහු ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර, පසුව එරට කොංග්‍රසයද ඇමතීමට සූදානම් බව වාර්තා වෙයි.

නැගෙනහිර යුක්රේනයේ ක්‍රියාත්මක රුසියානු හිතවාදී කැරලිකරුවන්ට යුද ආධාර සපයන බවට රුසියාව වෙත යුක්රේන චෝදනා එල්ල කෙරෙයි.

මෙම ගැටුම් හේතුවෙන් 3,000කට අධික පිරිසක් මේ වනවිට ඝාතය වී ඇති අතර, ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් ආශ්‍රිතව පසුගිය අප්‍රේල් මාසයේ සිටම ගැටුම් උත්සන්නව පැවතිණි.



Recommended Articles