යුක්රේන අර්බුදය ගැන ඇමෙරිකාවට හා රුසියාවට පොදු මතයක් නැතිලු


ක්‍රිමියාමේ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවට හා රුසියාවට පොදු දැක්මක් නොමැති බව රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා සිටියේය.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මෙසේ පවසා සිටියේ ලන්ඩනයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

රුසියාව විසින් ක්‍රිමියාව වෙත හා යුක්රේන දේශසීමාව වෙත හමුදාව යැවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි අවධානයකින් පසුවන බව කෙරී පවසා සිටියේය.

ක්‍රිමියාව රුසියාවට එකතු කිරීමේ කැමැත්ත අකැමැත්ත විමසමින් ඉරිදා පැවැත්වෙන  ජනමත විචාරණයේ ප්‍රතිඵලයට රුසියාව ගරු කරන බව ලැව්රෝව් පවසා සිටියත්, කෙරී පවසා සිටියේ එම ප්‍රතිඵලය කවරක් වුවත් එය ඇමෙරිකාව පිළි නොගන්නා බවයි.

රුසියනු විදේශ අමාත්‍යවරයා හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර පැවති සාකච්ඡාව පැය හයකට වඩා අධික කාලයක් ගත වූ දීර්ඝ සාකච්ඡාවක් බව පැවසෙයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ලැව්රෝව් පවසා සිටියේ ගිණිකොණදිග රුසියානු කලාපය වෙත ආක්‍රමණයක් සිදුකිරීමේ සැලසුමක් රුසියාව වෙත නොමැති බව පවසා සිටියේය.

ඇමෙරිකානු ජනතාවගේ අභිමතයට රුසියාව ගරු කරන බව ලැව්රෝව් අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව තුළින් දෙරට අතර පැහැදිලි සම්මුතියක් ඇති වූ බවක් දක්නට නොලැබුණු බවද විදේශ මාධ්‍ය මේ වනවිට වාර්තා කරයි.



Recommended Articles