යුක්රේනයේ හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව රුසියාව අවි අමෝරයි


රුසියානු හිතවාදීන්ට එරෙහිව කියෙව් බලධාරීන් ආරම්භ කළ කමාන්ඩෝ මෙහෙයුම්වලට ප්‍රතිචාර දක්වමින් යුක්රේන දේශසීමා ආසන්නයේ නවතම හමුදා පෙරහුරුවක් සඳහා රුසියාව විසින් අණදීමක් සිදුකර ඇති බව විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙයි.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පවසා සිටින්නේ යුක්රේන කමාන්ඩෝ භටයන් රුසියානු හිතවාදීන් බහුලව සිටින ස්ලෝවියාන්ස්ක් හි මෙහෙයුම් ආරම්භ කිරීම හේතුවෙන් ඊට ප්‍රතිචාර සඳහා රුසියාව තල්ලු කර ඇති බවයි.

රුසියානු හිතවාදීන් විසින් නැගෙනහිර යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයක රජයේ ප්‍රධාන ගොඩනැගිලි රැසක් තම අණසකට ගැනීමට ක්‍රියාකර තිබුනේ මෑතකදීය. මේ තත්ත්වය තුළ රුසියානු අතපෙවීමක් හා රුසියානු ආක්‍රමණයක් සිදුවන බව යුක්රේනය කියා සිටියේය.

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වන ඉන්ටර්ෆැක්ස් පුවත් ඒජන්සිය පවසා තිබුනේ යුක්රේනයේ මෙම හමුදා ක්‍රියාමාර්ගය අවසන් නොවුණොත්, එය වැඩි තුවාලකරුවන් හා මරණ ගණනක් වෙනුවෙන් හේතු විය හැකි ඉරණමක් විය හැකි බවය.

 



Recommended Articles