යුක්රේනයේ රුසියානු හිතවාදීන් යුක්රේන හෙලිකොප්ටරයක් බිම හෙළයි


නැගෙනහිර යුක්රේනයේදී රුසියානු හිතවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් යුක්රේන හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ධුරයෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා පවසයි.

ඔලෙක්ස්ඇන්ඩර් ටර්චිනෝව් පෙන්වා දෙන පරිදි මියගිය පිරිස අතර හමුදා ජනරාල්වරයෙකුද සිටින අතර, රුසියාවේ නිෂ්පාදිත ගුවන්යානා නාශක අවි පද්ධතියක් මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බවද කියැවෙයි.

පසුගිය සති කිහිපයේදී ස්ලෝවියාන්ස්ක් නගරයේදී යුක්රේන හමුදාව හා රුසියානු හිතවාදී බෙදුම්වාදීන් අතර දරුණු සටන් ඇවිලුණි.

කෙසේ වෙතත් පසුගියදා නිමාවට පත්වූ යුක්රේන ජනාධිපතිවරණයෙන් බලයට පත් පේට්‍රෝ පෝරොෂෙන්කෝ ජනාධිපතිවරයා අවධාරණය කරමින් කියා සිටියේ බෙදුම්වාදීන්ට එරෙහිව යුද ප්‍රකාශ කරන බවයි.

අද දිනයේදී ස්ලෝවියාන්ස්ක් හා ක්‍රාමටෝර්ස්ක් හි දරුණු සටන් ඇවිලෙන අවස්ථාවේදී හෙලිකොප්ටරය කඩා වැටුණු බව පැවසෙයි.



Recommended Articles