යුක්රේනයේ අවි ගබඩාවක් පුපුරුවා හැරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද?


යුක්රේනයේ මධ්‍යම විනිට්සියා පළාතේ පිහිටි අවි ගබඩාවක් තුළ ඊයේ (28දා) සිදුවූ පිපිරීමත් සමග ඒ අවට සිටි 30,000කට සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා මෙතෙක් කිසිදු තහවුරු කිරීමක් සිදු නොවූවත්, ප්‍රහාරයට පැමිණි පිරිස් ආයුද සන්නද්ධව සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති.

යුක්රේනයේ කිවි අගනුවර සිට කිලෝමීටර් 200ක් දුරින් මෙම ගබඩාව පිහිටි කැලිනිව්කා නගරය පිහිටා ඇති අතර, පිපිරීම සිදුවන අවස්ථාවේදී ගබඩාව තුළ ටොන් 180,000ක පමණ ආයුද තොගයක් රැස් කර තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මින් ආයුද ප්‍රමාණයක් සීතල යුද සමයට අයත් ඒවා බවද කියැවෙයි. 

1_Ukrain



Recommended Articles