රුසියානු යුද ටැංකි යුක්රේනය තුළට ඇතුළු වෙමින් පැවතීම කිසිසේත්ම නොසලකා සිටිය නොහැකි බව යුක්රේනයේ නව ජනාධිපති පෙට්රෝ පෝරෝෂෙන්කෝ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් වෙත පවසා ඇති බව වාර්තා වෙයි.
යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ කැරලිකරුවන් සිටින ප්‍රදේශයට රුසියානු යුද ටැංකි තුනක් ඇතුළු වී ඇති බවට තොරතුරු පවතින බවයි.
මෙම යුද ටැංකිවලට අමතරව, තවත් අවි ආයුද කැරලිකරුවන් අතට ලබාදීමේ තත්ත්වයක් මේ තුළින් පෙන්නුම් කෙරෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
නමුත්, යුක්රේනයේ මේ චෝදනාව රුසියාව විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කරයි.
රුසියානු විදේශ අමාත්‍යවරයා පවසන්නේ මෙයත් තව වැරදි තොරතුරක් පමණක් බවයි.