රුසියාවේ සහාය ලබන කැරලි හමුදාවන් සමග සටන් කිරීම සඳහා යුක්රේනය වෙත ආයුද ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාව සොයා බලමින් සිටින බව යුක්රේනය සඳහා වන ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා පවසයි.
මෙය යුක්රේන හමුදාව සම්බන්ධයෙන් රුසියාවේ එළැඹීම වෙනස් කරන්නක් විය හැකි බව කර්ට් වෝල්කර්, මෙම ක්‍රියාව කිසිදු ආකාරයකින් ආක්‍රමණයක් ලෙස රුසියාව නොසලකනු ඇති බවද වෝල්කර් පවසයි.
නැගෙනහිර යුක්රේනයේ ක්‍රියාත්මක සටන් විරාමය ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වයම කැපවීමෙන් කටයුතු කළ යුතු බව පසුගිය සතියේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබුණි.
වෝල්කර් පවසා තිබුණේ ඇමෙරිකාව යම් ලෙසකින් යුක්රේනය වෙත ආයුද සැපයීමක් සිදු වුවහොත්, එය ඔවුන්ගේ ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ගනුලබන පියවරක් බවයි. උදාහරණයක් ලෙස යුද ටැංකි ආදිය යුකේරේනය වෙත සැපයිය හැකි බවද හෙතෙම පවසා තිබුණි.
කෙසේ වෙතත්, යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කර ඇති අදහස සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.