බලයෙන් පහ කෙරුණු තායිලන්තයේ හිටපු අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රාට රටින් පිටවීමේ අවස්ථාව ලබාදෙන බව එරට හමුදා පාලනයේ නායකයන් පවසා සිටී.
ඇය විසින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම සලකා බලමින් මෙම අවස්ථාව ලබාදෙන බව හමුදා ප්‍රකාශකවරයා මාධ්‍යයට පවසා තිබුණි.
වාර්තාවන්ට අනුව, ඇය සිය සහෝදරයා වූ තක්ෂින් ෂිනවත්‍රාගේ උපන්දිනයට සහභාගි වීම සඳහා ප්‍රංශයට පිටත්ව යෑමේ සූදානමින් පසුවෙයි.
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාස කිහිපයක් බැංකොක් නුවර වෙළාගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙස එරට හමුදාව විසින් තායිලන්තයේ පාලන බලය අල්ලා ගන්නා ලදී.
එළැඹෙන ජූලි 26 වැනි දිනට තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වූ තක්ෂින් ෂිනවත්‍රා 65 වැනි වියට පා තබයි. ඔහු 2006 වසරේ පැවති කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරිණි.