යමුනා ගංගාවේ බෝට්ටු අනතුරින් ජීවිත හානි රැසක්


උතුරුදිග ඉන්දියාවේ, යමුනා ගංගාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, බඝාපට් නගරයට ආසන්නව මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ සාමාන්‍යයෙන් රැගෙන යන පිරිස ඉක්මවා 50ක පමණ පිරිසක් එහි සිටි බව කියැවෙයි.

කෙසේ වෙතත්, සිද්ධියෙන් පුද්ගලයන් 11 දෙනෙකුගේ ජීවිත බේරාගෙන තිබුණත්, තවත් පිරිසක් අතුරුදන්ව සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

බෝට්ටුව ප්‍රමාණයට වඩා පිරිසක් රැගෙන යාම අනතුරට හේතුව බව මුලින් පැවසුණත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂන සිදුකෙරෙන බව පොලීසිය පවසයි.

ඉන්දියාවේ බෝට්ටු ආශ්‍රිතව කෙරෙන ප්‍රවාහනයද සුලභ කාරණයක් වුවත්, මෙවැනි බෝට්ටු සංචාරවලට යොදාගන්නා බෝට්ටුවල අබලන් තත්ත්වය මෙන්ම, ඒවායෙහි අවම ආරක්ෂක පියවර ගැනද බොහෝ සේ කතාබහට ලක්වෙයි.



Recommended Articles