යනුකොවිච් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්


බලයෙන් පහ කෙරුණු යුක්රේන ජනපති වික්ටර් යනුකොවිච් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබේ.

සාමකාමී ජනතාව සමූල ඝාතනය කිරීමේ චෝදනා එල්ල වෙමින්, යනුකොවිච් හා තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව අපරාධ නඩුවක් ගොනුවී තිබේ.

පසුගිය සෙනසුරාදා යනුකොවිච් ධුරයෙන් පහ කිරීම වෙනුවෙන් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය සමග නොගොස්, යුක්රේනය රුසියාවට සම්බන්ධ කිරීමට එරෙහිව ජනතාව විදී බැසීමෙන් පසුව ඇතිවූ උද්ඝෝෂණ වඩාත් දරුණු ස්වභාවයක් ඉසිලුවේ, ආරක්ෂක අංශක අධික බලයක් පාවිච්චි කරමින් උද්ඝෝෂණ පාලනය කිරීමට යාම නිසාය.

මේ තත්ත්වයෙන් පසුව ඕල්ක්සන්ඩර් ටර්චනොව් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පත් කළ අතර, මෙම පත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව රුසියානු අගමැතිවරයා පවසා තිබේ.



Recommended Articles