යතුරුපැදි හා මෝටර් රථ ක්ෂේත්‍රයේ සිය විශේෂඥභාවය ප්‍රකට කරමින් තනි ආසනයේ සුවිශේෂී මෝටර් රථයක් නිපදවීමට හොන්ඩා සමාගම කටයුතු කර ඇත.
Project 2&4 සංකල්පීය මෝටර් රථය ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් රථ ප්‍රදර්ශනයේ ජයග්‍රාහී රථය වනු ඇති බවටද විශ්වාස කෙරෙයි.
යතුරුපැදියක් ධාවනය කිරීමේ ත්‍රාසජනක අත්දැකීම මෙන්ම, මෝටර් රථයක ගමන් කිරීමේ පහසුවද මෙමගින් එක්වන බව හොන්ඩා සමාගම කියයි.
හොන්ඩා MotoGP RC213V එන්ජිමකින් බලගැන්වෙන මෙම රථය, රේසින් කාරයක පෙනුම ගත්තත්, එය සාමාන්‍ය මහාමාර්ගයක පවා ධාවනය කළ හැකි බව හොන්ඩා සමාගම කියයි.
කිලෝ ග්‍රෑම් 405ක බරගින් යුතු මෙය හයිබ්‍රිඩ් රථයකි.