මෝසම් කුණාටු සමග පිලිපීනයේ මැනිලා නගරය ගංවතුරින් යටවෙයි


පිලිපීනයට බලපා ඇති ෆන්ග්-වොන්ග් මෝසම් කුණාටුව හේතුවෙන් එරට මැනිලා නුවර ඇතුළු ප්‍රදේශ රැසකට අධික ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ අනුව, ගංවතුර හේතුවෙන් ප්‍රදේශවල ජනතාව ඉවත් කරමින් පවතින බවත්, පාසල් හා රජයේ ගොඩනැගිලි වසා දැමීමට කටයුතු කර ඇත් බවත් පිලිපීන රජය පවසයි.

මීට අමතරව, පිලිපීන ගුවන් ගමන්ද යම් තරමකින් අඩාල වී ඇති බව වාර්තා වෙයි.

ඇතැම් ප්‍රදේශවල උරහිස් මට්ටමට ජලය ගලා ඇති බවත්, බොහෝ වැසියන් මහල් ගොඩනැගිලිවලට හෝ වහලවලට වී සහන සේවකයන් එනතුරු බලා සිටින බවත් පැවසෙයි.

පසුගිය සතියේදි කල්මේගි සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනය යම් අස්වැසිල්ලක් ලබන මොහොතේ මෙම මෝසම් කුණාටුවද පිලිපීනයට කඩා වැදී ඇති අතර, කල්මේගි සුළි කුණාටුවෙන් ජීවිත 8ක් අහිමි විය.



Recommended Articles