බංග්ලාදේශයේ කොක්ස් බසාර් සහ රංගමතී යන දිස්ත්‍රික්කයන් හි ගස් කඩා වැටීම හේතුවෙන් මෙම බෝහෝමයක් මරණ සිදුව ඇති බව කියැවෙයි.
භූමිය ඇතුළු වූ ප්‍රබල සුළි කුණාටුවෙන් නිවාස සිය ගණනක් සම්පුර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, මියන්මාරයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි රොහින්ග්යා මුස්ලිම්වරුන්ගේ අනාථ කඳවුරුවලට මෙම සුළි කුණාටුවෙන් දරුණු බලපෑම් සිදුව ඇති බවද විදෙස් වර්තා පෙන්වා දෙයි.
සුළි කුණාටුව භූමියට ඇතුළු වීමට පෙර සිටම බලධාරීන් දහස් ගණන් ජනයා ආරක්ෂිත ස්ථාන කර ගෙන යාමට කටයුතු කළේය.
බංග්ලාදේශ වේලාවෙන් ඊයේ අලුයම 6.00ට පමණ මෝරා සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වූ අතර, ඒ වනවිට පැයට කිලෝ මීටර් 117කට අධික වේගයක සුළං පැවති බව කාලගුණ අංශ පවසයි.
කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව ඉන්දියාව දෙසට හෙවත් තවදුරටත් උතුරට ගමන් කරන විට එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් හීන වෙමින් පැවති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.