මෝරාගෙන් බේරෙන්න බංග්ලාදේශය සැරසෙමින්


ප්‍රබල මෝරා සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වීමට පෙර මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් යුහුසුළු වෙමින් සිටී.

මෝරා සුළි කුණාටුව අද (30දා) උදෑසන එරට නැගෙනහිර වෙරළ කලාපයෙන් රට තුළට ඇතුළු වනු ඇති බව කාලගුණ අංශ පවසයි.

බංග්ලාදේශයේ ගිනිකොණදිග වරාය ආශ්‍රිතව මේ වනවිට උපරිම අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එය උපරිම අන්ත්‍රාව දැක්වෙන 10 සිමාවට ගෙන ඇති බවත්, බටහිර වරාය නගර ආශ්‍රිත අන්ත්‍රාව දැක්වෙන 8 සීමාව සලකුණු කර ඇති බවත් කියයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව දැඩි වර්ෂාපතනයක් ඇති කරමින් සක්‍රීය වූ මෙම සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට ගමන් කරමින් සිටින බව ඊයේ වනවිට නිවේදනය කෙරිණි.

ඒ අනුව, බංග්ලාදේශයේ පාසල්, රජයේ ගොඩනැගිලි අවතැන් කඳවුරු බවට පරිවර්ථනය කරමින් සිටින අතර, අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන ජනතාවට වහාම ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන පවා දැනුම් දෙමින් සිටින බව පැවසෙයි.



Recommended Articles