පාකිස්තානයේ ලාහෝර් නගරය වෙත හදිසි සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, එරට අගමැති නවාස් ෂරීෆ් සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකර තිබේ.
ඇෆ්ගනිස්තානයේ සංචාරයක් නිමකොට ආපසු යමින් සිටියදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම හදිසි සංචාරය පාකිස්තානය වෙත සිදුකර ඇති අතර, මෙය පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මහතාගේ උපන්දිනය යෙදී තිබූ දිනයේදීම සිදුකිරීම තවත් විශේෂත්වයක් වේ.
2004 වසරින් පසුව පාකිස්තානයේ සංචාරයක නිරත වන ප්‍රථම ඉන්දීය අග්‍රාමාත්‍යවරාය ලෙසද මෝදි සැලකෙයි.
න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ මෙම දෙපාර්ශ්වය විවිධ අවස්ථාවල අලුයට ගිනි මෙන් ඇවිලුණු නමුත්, ආසන්න කාලසීමාවේදී දෙරටේ විදේශ ප්‍රතිපත්තිය සාමකාමී ස්වරූපයක් ගෙන තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
අලාමා ඉක්බාල් ජාත්‍යන්තර ගුවන්තොටු පොළට පැමිණි මෝදි බදා ගනිමින් පිළිගත් පාකිස්තාන අගමැතිවරයා පසුව, ඔහුගේ නිල නිවසේදී දීර්ඝ සාකච්ඡා පවත්වා තිබුණි.
කෙසේ වෙතත්, මෝදිගේ සංචාරය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව විවිධ මත දරමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.