මෝදිගේ ආණ්ඩුවෙන් ප්‍රබල පක්ෂයක් ඉවත්ව ගිහින් - ඒත් පාලක රජය තවම ශක්තිමත්


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන පාලක සන්ධානයෙන් එරට ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

කාලයක් තිස්සේ දිග්ගැස්සුණු මතභේදයක් ඔඩුදිවීමෙන් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය පාලනය කරන තෙලිගු දේසම් පක්ෂය මෙසේ ඉවත්ව ගොස් තිබේ.

ඔවුන් පවසන්නේ ජාතික ප්‍රජාතනත්ත්‍රවාදී සන්ධානය කිසිම ආකාරයක සහයෝගයකින් කටයුතු කරන පක්ෂයක් නොවන බවයි.

මෙම ඉවත්වීම සිදු වුවත්, මෝදිගේ ආණ්ඩුවේ බහුතරයට හානියක් සිදුව නොමැති වුවත්, එමගින් ඔවුන්ගේ පැරණි මිතුරෙකු ඔවුන් අත්හැරි බවක් ප්‍රකට වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර, 2019 වසරේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වූ භාරතීය ජනතා පක්ෂයේ සැලසුම්වලට මෙය බලපානු ඇති බවද ඔවුහු පවසති.

වඩාත් ප්‍රකට මෙන්ම ජනප්‍රිය මහ ඇමතිවරයෙකු වූ චන්ද්‍රාබාබු නයිදු ඉවත්ව ගිය පක්ෂයේ නායකයා මෙන්ම, ප්‍රාන්තයේ නායකයා ලෙස කටයුතු කළේය.

ඔහු වැනි ජනප්‍රිය චරිතයක අහිමි වීමද ඉන්දීය පාලක පක්ෂයට යම් තර්ජනයක් බව දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පවසති.

1_Modi 2



Recommended Articles