මොළයේ ශල්‍යකර්මයක් අතර රෝගියා ගිටාර් වයයි


තම දෑතේ ඇඟිලි ඉබේ ගැස්මකට ලක්වන රෝගයකින් පෙළෙන අයෙකු ඒ වෙනුවෙන් තම මෝළයේ සිදුකළ ශල්‍යකර්මය අතරතුර වෛද්‍යවරුන්ට ශල්‍යකර්මයෙහි සාර්ථකත්වය බලාගැනීම සඳහා ගිටාරයක් වයමින් ඊට මුහුණදීමේ පුවතක් වාර්තා වෙයි.

අභිෂේක් ප්‍රසාද් අතට ගිටාරයක් ලබාදුන් වෛද්‍යවරු ඔහුගේ මොළයේ ශල්‍යකර්මය සිදුකරන අතරතුර ඔහුට වරින් වර ගිටාරය වැයීමට සලස්වා ඇත්තේ ඇඟිලිවල පවතින ඉබේ සිදුවන ගැස්ම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහාය.

මෙම රෝගයේදී අතිශය වේදනාකාරී ගැස්මක්, නැමීමක් මෙන්ම අසාමාන්‍ය ඉරියව්වක් ඇඟිලිවල දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති.

ප්‍රසාද් පවසා තිබුණේ ශල්‍යකර්මය අතරතුර සිදුකළ ගිටාර් වැයීම ඔහුට අපහසුවක් ගෙන නොදුන් බවයි.

තමන්ට මෙතෙක් කල් පැවති අසාමාන්‍ය රෝගය යථාතත්ත්වයට පත්වීමක් මේ තුළින් අත්විඳි බවද ඔහු පවසා ඇත.



Recommended Articles